පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
මෙම ප්‍රතිපත්තිය aqualifefilters.lk වෙබ් අඩවිය සහ එහි WhatsApp විමසුම් form එක සඳහා අදාළ වේ. යාවත්කාලීන කිරීම: 2026 ඔක්තෝබර් 10.
WhatsApp form එක
ඔබ ඇතුළත් කරන නම, ලිපිනය, දිස්ත්‍රික්කය සහ දුරකථනය ඔබේ device එක තුළ WhatsApp පණිවිඩයකට සකස් කරයි. ඒවා form එකෙන් වෙබ් අඩවියේ database එකට යවන්නේ නැත. WhatsApp තුළ Send ඔබන විට ඔබ තෝරාගත් විස්තර WhatsApp සහ අපගේ කණ්ඩායම වෙත බෙදාගනී.
විමසුම් reference එක
Form එකෙන් පුද්ගලික විස්තර රහිත reference එකක්, භාණ්ඩ අංකය සහ ප්‍රමාණය අඩවියේ ගබඩා කළ හැකියි. එය WhatsApp විමසුමක් පසුව සැබෑ විකිණීමකට ගැළපීමට උපකාරී වේ. මෙය තහවුරු කළ ඇණවුමක් නොවේ. සැබෑ විකිණීමක් සිදු වූ පසු කණ්ඩායම reference එකට ගෙවූ මුදල සහ දිනය සටහන් කළ හැකියි.
Optional Ads සහ Analytics
ඔබ Accept තෝරාගත් පසු, Google click identifiers සහ campaign tags දින 90ක් දක්වා ඔබේ browser එකේ තබාගත හැකියි. විමසුමක් කරන විට ඒවා reference එකට එක් කළ හැකියි. Google tags සක්‍රීය කර තිබේ නම් page visits සහ Call/WhatsApp actions මැනිය හැකියි. Form එකේ නම, ලිපිනය, phone සහ පණිවිඩය Analytics වෙත යවන්නේ නැත.
Cookie සැකසුම් මඟින් Decline තෝරාගත හැකියි. ඉන් පසු මෙම browser එකේ Ads attribution තොරතුරු ඉවත් කර optional tracking නවතා දමයි. පෙර ලබාදී තිබෙන records ගැන විමසීමට reference එක සමඟ අප අමතන්න.
වෙනත් සේවා
Hosting සේවාව සාමාන්‍ය access logs තබාගත හැකියි. Comments හෝ product reviews සක්‍රීය කර තිබේ නම්, ඔබ එවන නම, comment/review සහ අදාළ විස්තර WordPress තුළ තබාගත හැකියි. Video එක play කළ විට video provider වෙත සම්බන්ධ වේ. ඔබ WhatsApp තුළ යවන විස්තර විමසුම, ඇණවුම සහ සවි කිරීම සම්බන්ධීකරණය කිරීමට භාවිත කරයි. WhatsApp/Google තම සේවා සඳහා තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි.
ඔබේ විමසීම්
පුද්ගලික තොරතුරු, reference එකක් හෝ tracking තේරීමක් ගැන 0711041635. Contact පිටුව බලන්න.
