Aqualife RO පද්ධතියේ අදියර හය එකිනෙකට වෙනස් කාර්යයන් ඉටු කරයි. මුල් පෙරීමේ සිට අවසන් mineral cartridge එක දක්වා අනුපිළිවෙළ දැනගැනීමෙන් භාවිතය සහ නඩත්තුව ගැන වඩා පැහැදිලි තීරණයක් ගත හැකියි.
5 µm Pre-filter
මඩ, වැලි සහ මලකඩ වැනි අංශු පෙරීම.

1 µm Sediment filter
වඩා සියුම් අංශු පෙරීම.

Inline carbon filter
ක්ලෝරීන්, රසය සහ ගන්ධය අඩු කිරීමේ අදියර.

RO membrane
දියවී ඇති ලවණ සහ තෝරාගත් ද්‍රව්‍ය අඩු කිරීම.

Post-carbon filter
අවසන් රසය සහ ගන්ධය වැඩිදියුණු කිරීම.

Mineral cartridge
අවසන් ඛනිජ අදියරෙන් ජලයට ස්වාභාවික රසයක් ලබාදීමට.

ජල මූලාශ්‍රය මුලින් දැනගන්න
අදියර ගණන පමණක් ජලයේ ආරක්ෂාව තහවුරු නොකරයි. ඔබේ මූලාශ්‍රයට අදාළ අවශ්‍යතා, laboratory වාර්තා සහ නිවැරදි නඩත්තු සැලැස්ම සමඟ පද්ධතිය තෝරාගන්න. TDS අගය පමණක් භාවිත කර සෑම දූෂකයක්ම ඉවත් වී ඇතැයි තීරණය නොකරන්න.
RO ක්‍රියාවලියට අවශ්‍ය දේ
ජල සැපයුම, විදුලිය, ස්ථාපන ඉඩ සහ reject water සඳහා සුදුසු drainage එකක් technician සමඟ තහවුරු කරන්න. පීඩනය සහ feed water අනුව පිරවීමේ කාලය සහ reject water ප්‍රමාණය වෙනස් වේ.
නඩත්තුව
සෑම cartridge එකකටම එකම replacement interval එකක් නියම කළ නොහැක. සවි කළ දිනය, මාරු කළ parts සහ ඊළඟ service එක ලියා තබාගන්න. නඩත්තු මාර්ගෝපදේශය කියවන්න හෝ සේවා ගැන විමසන්න.

